Thursday, August 13, 2015

මෛත්‍රීපාලගේ ලිපිය පුරාම පට්ට පට්ට පල් බොරු වැහි වැහැලා... මෙන්න පිළිතුරු...

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් මහින්ද රාජපක්ෂ මහතා වෙත අද දින එවන ලද බවට මාධ්‍ය වල පළ වූ ලිපියේ (පිටු 1 , 2 , 3 , 4 , 5) ඡේදයක් පාසාම ඇත්තේ බොරු බේගල් බව හෙළි වෙයි. ඒ ගැන mahinda.info මගින් මෙලෙස හෙළිදරව් කරන්නෙමු.

බොරුව 1: ඔබ මෙන්ම මමත් දේශපාලනයේ අත් පොත් තබමින් ජාතික දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙනි.
ඇත්ත: මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික දේශපාලනයට පිවිසියේ කොමියුනිස්ට් පක්ෂයෙනි.
While still in school, as a teenager, Sirisena became interested in communism and joined the Communist Party becoming closely associated with party leader N. Shanmugathasan in party activities.[30] In 1968 he took part in a communist party anti-government rally which was broken up by baton charging police. source: wikipedia.org
බොරුව 2: විපක්ෂයේ සියලු පක්ෂ සහ කණ්ඩායම් වල පොදු එකඟතාවය මා වෙත දිනා ගැනීම පසුපස පැවැති සාර්ථකත්වයේ රහස වූයේද ශ්‍රීලනිපය සහ මා අතර තිබූ අවියෝජනීය නොකිළිටි සහ හෘදයාංගම බැඳීමයි.
ඇත්ත: ශ්‍රීලනිපය සමග එලෙස නොකිළිටි බැඳීමක් තිබුණානම් විපක්ෂයේ සහයෝගය අරන් ශ්‍රීලනිපය පරදවන්නේ නැත.

බොරුව 3: ඔබ පරාජයට පත් වීමෙන් පසු ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ට 1977 සහ 2001 දී මෙන් පරාජයේ කටුක අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවූයේ නැත.
ඇත්ත: රට පුරා ශ්‍රීලනිප පාක්ෂිකයින්ව මර්දනයට ලක් විය. උදාහරණයක් ලෙස පාලිත තෙවරප්පෙරුම විසින් ජනවාරි 18 දින මතුගමදී ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක්ව මහ පාරේ දණ ගස්වා පා පහර දෙනු ලැබුණි. වීඩියෝව බලන්න. (යහපාලනයේ නාමයෙන් පාලිත තෙවරප්පෙරුමට නැවතත් නාමයෝජනා ලැබී තිබේ)


බොරුව 4: මාගේ ජයග්‍රහණය හමුවේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ගේ සිට ගමේ ශාඛා සමිතියේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයා දක්වා සියලු දෙනාටම මා පූර්ණ දේශපාලන ආරක්ෂාව සපයා ඇති බවයි.
ඇත්ත: දිගින් දිගටම එෆ් සී අයි ඩී එක මගින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගෙන සිර ගත කෙරුණි. නමුත් උසාවියේදී ඔවුන් නිදහස් විය. එමගින් හුදු දෙශපාලන පළිගැනීමක් පමණක් බව තහවුරු විය.
ශ්‍රීලනිප බලය තිබූ ප්‍රාදේශීය සභා වල කාලය දිගු කිරීමට හැකියාව තිබියදීත් ඒවා විසුරුවා හැර එජාපයට වාසිසහගත පරිදි එජාප හිතවාදී නිලධාරී පාලනයකට නතු කෙරුණි.

බොරුව 5: ජනවාරි 8 වැනිදා මා ජනාධිපති ධූරයේ දිවුරුම් දී ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේනම් අද වන විට ශ්‍රීලනිපයේ සියලු ජනතා නියෝජිතයින් සහ බිම් මට්ටමේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයන් දක්වා වූ පාක්ෂිකයින්ට අත්වීමට නියමිතව තිබූ ඉරණම කුමක්දැයි ඔබම නිශ්චය කළ යුතුය.
ඇත්ත: ජනවාරි 9 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම යාමත් සමග රටේ අතිශය ජනප්‍රිය විය. එසේනම් මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රීලනිප නායකත්වයෙන් යුතුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ. ජවිපෙ දෙමළ සංධානය ආදිය එජපයෙන් වෙන්ව තරග කිරීම මත පහසු ජයග්‍රහණයක් ලැබේ. මේ වන විට රට ස්ථාවරව පවතිනු ඇත.

බොරුව 6: එම අවස්ථාවේදී ඔබ අගමැති ධූරයට පත් වීම වැළැක්වීම සඳහා විමල් වීරවංශ මහතා ගෙන ගිය කඩාකප්පල්කාරී මෙහෙයුමට එරෙහිව මම ඔබ සමග සිටියෙමි.
ඇත්ත: ජවිපෙ සමහරුන් ලක්ෂ්මන් කදිරගාමර් මහතාව අගමැති කිරීමට උත්සාහ ගනිද්දී විමල් වීරවංශ මහතා පෙනී සිටියේ මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළ යුතු බවටයි. ජවිපෙ සහ විමල් අතර මත ගැටුමක් ඇති වී විමල් පක්ෂයෙන් ඉවත් වීමටද එය හේතු විය.

බොරුව 7: අප දෙදෙනා අතර දීර්ඝකාලීනව පැවැති දේශපාලන මිත්‍රත්වය බිඳ වැටීමට බැසිල් රාජපක්ෂ මහතාගේ නොමනා ක්‍රියා සහ හැසිරීම්ද හේතු වූ බව...
ඇත්ත: බැසිල් රාජපක්ෂ මහතාට මෛත්‍රීපාල මහතා පරදා දේශපාලනය කිරීමට වුවමනාවක් තිබුණානම් ඔහු මෙවරත් මහ මැතිවරණයට එනු ඇත. නමුත් ඔහු මෙවර නොඉල්ලන්නේ ඔය කියන තරම් ඔහු බලලෝභියෙක් නොවූ බැවිනි. අනික් අතට මෛත්‍රීපාල සිරිසේන මහතා පහත වීඩියෝවේ පවසන දේවල් අනුව බැසිල් මහතා ගැන උක්ත ප්‍රකාශයේ වලංගුභාවය සිතා ගත හැකියි.


බොරුව 8: මෙම මහ මැතිවරණයට ඔබ තරග නොකළ යුතු බව මා අවධාරණය කළේ මහ මැතිවරණය මෙහෙයවීමේ සහ එය ජය ගැනීමේ වගකීම භාර ගැනීමට මා සූදානම්ව සිටි නිසාය.
ඇත්ත: අඩුම තරමින් මෛත්‍රීපාල මහතා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවන්නේවත් නැතිව අධිකරණ නියෝග ගනිමින් එය දිග් ගස්සමින් සිටී. ඡන්දයට පෙර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවන්නේවත් නැති කෙනා පක්ෂය ජයග්‍රහණය කරවන්නේ නැත.

බොරුව 9: ඒ වෙනුවට ඔබ හට ගෞරවාන්විත දේශපාලන පැවැත්මක් ලබා දෙනු පිණිස සුදුසු ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් මම යෝජනා කළෙමි.
ඇත්ත: මෙගා ඩීල් තියා මයික්‍රෝ ඩීල්වත් නැති කල, තිස්ස අත්තනායකට ඇමති කමක් දීම අල්ලසක් බව කියමින් මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන යාමට උත්සාහ කළේය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා වශයෙන් එය වැළැක්වීමට උත්සාන නොගත්තේය. ඔහු මහින්ද මහතාට දෙන්න හැදූ ගෞරවය ඉන් පැහැදිළි වෙයි.

බොරුව 10: එහෙත් ඒ සියල්ල ඔබ ප්‍රතික්ශේප කළේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ කිසිදු ආදරයක් හෝ හැඟීමක් නොමැති...
ඇත්ත: වෙනම එන ලෙස බොහෝ පිරිස් පවසද්දීත් , මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධානයෙන් පමණක් මැතිවරණයට තරග කළේය. එසේ කළේ වෙනම තරග කර ශ්‍රීලනිපය පරාජය කිරීමට අකමැති නිසයි.


බොරුව 11: පුරා වසර 35 ක් මෙරට පාලනය කළ යෝධ ශ්‍රීලනිපය එවැනි පටු පරමාර්ථ සහිත කුඩා කල්ලි කණ්ඩායම් වල ජයග්‍රහණයට නතු වීමේ ඉඩ ලබා දීමේ වගකීම ඔබ බාර ගත යුතුය.
ඇත්ත: 2/3 ක් පාර්ලිමේන්තුවේ තිබූ ශ්‍රීලනිපය විපක්ෂයට ඇද දමා සුළුතර එජාපයට පර්ලිමේන්තු බලය දුන්නේ මෛත්‍රීපාල විසිනි.

බොරුව 12: අප පක්ශයේ ජේෂ්ඨයින් බොහෝ දෙනෙක් දිස්ත්‍රික් මට්ටමේ මනාප තරගයේදී මෙම දේශපාලන අවස්ථාවාදීන් ඉදිරියේ බෙලහීනත්වයට පත්ව ති ආකරය කණගාටුදයකය.
ඇත්ත: ජේෂ්ඨයින්ව කපා දමා අවස්ථාවාදීන්ට තැන දුන්නේත් මෛත්‍රීපාල මහතා විසිනි. උදාහරණ ලෙස ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ සිටි බන්දුල ගුණවර්ධන මහතාව ඉවත් කර හිරුණිකාව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට පත් කළේ මෛත්‍රීපල මහතා යි. අද ඒ හිරුණිකා එජාපයෙන් ඉල්ලයි.

බොරුව 13: ඔබ ශ්‍රීලනිපයට නායකත්වය දුන් පසුගිය වසර නවය තුළ මෙම පක්ෂය ශ්‍රී ලංකාවේ සමාජ යතාර්ථය වන බහුවිධත්වයට පිටුපෑ පක්ෂයක් බවට පත්ව ඇත.
ඇත්ත: මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී දමිළ සහ මුස්ලීම් මන්ත්‍රීවරුන් එම ජන අනුපාතයන්ට සමානව ශ්‍රීලනිපයේ සිට ඇත. මෛත්‍රීපාල මහතාට සංධානයේ යාපනය වන්නි මඩකලපුව දිස්ත්‍රික් නාමයෝජනා බලන ලෙස යෝජනා කරන්නෙමු. නමුත් හෙළ උරුමය ඇතුළු පිරසකගේ චෝදනාව වූයේ එහි අනෙක් පැත්තයි. එනම් ශ්‍රීලනිපයේ සිංහලයින්ට තැනක් නොලැබූ බවයි. ඒ අනුව හෙළ උරුමයේ චෝදනාව මෛත්‍රීපාල මගින්ද, මෛත්‍රීපාලගේ චෝදනාව හෙළ උරුමය මගින්ද ලොප් වී ඇත.

බොරුව 14: ශ්‍රීලනිපය වේගයෙන් සිංහල බෞද්ධ ජන පදනම පමණක් නියෝජනය කරන පක්ෂයක් බවට පරිවර්තනය වීමයි. මෙවන් අන්තවාදයක ගැලීම ශ්‍රීලනිපය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂකයට තරම් නොවේ.
ඇත්ත: කළින් දැක්වූවාක් මෙන් ශ්‍රීලනිපයේ අනෙකුත් සහෝදර ජනතාවත් ඔවුන්ගේ ජන අනුපාතය අනුව සිටී. මෛත්‍රීපාල මහතාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ සිංහල බෞද්ධ ජන පදනම යනු අන්තවාදයක් බවයි. රටේ ප්‍රධාන ජන පදනමට අන්තවාදය යැයි කියන ලොව එකම ජනපති මෛත්‍රීපාල විය යුතුය. හංසයාට කතිරෙ ගැසූ සිංහල බෞද්ධ ජනතාවට කරන ලද දරුණුතම අපහාසයකි.

බොරුව 15: මේ රටේ දමිළ සහ මුස්ලීම් පුරවැසියන් මා කෙරෙහි අසීමිතව මා කෙරෙහි අසීමිතව විශ්වාසයක් තබා ඇති මේ අවස්ථාවේදී එළබෙන ගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ශ්‍රීලනිප මෙහෙයවීම මවිසින් සිදු කෙරුණේනම් ඉතිහාසයේ මෙතෙක් සිදු නොවුණ පරිදි සිංහල දෙමළ මුස්ලීම් ඇතුළු සියලු ජනවර්ග වල විශ්වාසය සහ සහයෝගය අප පක්ෂය වෙත නිසැක වශයෙන්ම ලබා ගැනීමට අවකාශය තිබුණ බව...
ඇත්ත: මෛත්‍රීපාල ශ්‍රීලනිපය මෙහෙයවූවානම් ඔහු සිදුකරන්නේ ඔහුට ජනාධිපති වීමට සහයෝගය දුන් එජාපයට කළ ගුණ සැලකීමයි. ඔහු දැනුත් කරන්නේ එයයි. එසේම සිංහල ජනතාවගෙන් අති බහුතරයක් සිංහල ජනතාවට අන්තවාදීන් යැයි කියන මෛත්‍රීපාලව ප්‍රතික්ෂේප කරනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණය මෙහෙයවන්නේ ජනතා ඉල්ලීම නිසා මිස එතුමාගේ පුද්ගලික අභිලාෂයක් වෙනුවෙන් නොවේ.

බොරුව 16: ඕනෑම සුළු සිද්ධියක් මත පවා ශ්‍රීලනිපය දෙකඩ කර වෙනම නාම යෝජනා භාර දීමට ඔබ හා ඔබේ කණ්ඩායම සූදානම්ව සිටි අවස්ථාවේ, පක්ෂයේ ඒකාග්‍රතාවය රැක ගැනීම පිණිස මම සිතා මතාම පසු බැස්සෙමි.
ඇත්ත: මහින්ද රාජපක්ෂ මහතා පැහැදිළිවම පැවසූයේ ශ්‍රීලනිප ප්‍රමුඛ සංධානයකින් මිස අන් කිසිවකින් මැතිවරණයට තරග නොකරන බවයි. ඒ පොරොන්දුව ඉටු කරමින් එතුමා ශ්‍රීලනිපයෙන්ම මැතිවරණයට තරග කළේය. අනික් අතට මෛත්‍රීපාල මහතා හිතා මතා පසු බැස ඇතැයි කීමත් පට්ට පල් බොරුවකි. ඔහු ස්ව කැමැත්තෙන් පසු බැස්සානම් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවීමට ඉඩ නොදී සිටින්නේ නැත. පාක්ෂිකයින් කළේ බලහත්කාරයෙන් නායකත්වයේ සිටින මෛත්‍රීපාලව පසු බැස්සවීමයි.

බොරුව 17: රණතුංග පවුලේ තිදෙනෙකුට නාම යෝජනා ලබා දීම ප්‍රායෝගික නොවන තත්ත්වයක් තුළ බස්නහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිය නාම යෝජනාව ඉවත් කරගනු ඇතැයි මම අපේක්ෂා කළෙමි.
ඇත්ත: බොහොම වටිනා හෙලිදරව්වකි. මෙමගින් පෙනෙන්නේ රණතුංග පවුලේ ජනප්‍රියම දේශපාලඥයාව ඉවත් කර ශ්‍රීලනිපය විනාශ කිරීමේ මෛත්‍රීපාලගේ කූඨ සැලසුමයි.

බොරුව 18: ඒ අනුව රණතුංග පවුලේ එක් සාමාජිකයෙකු ශ්‍රීලනිපයෙන් ඉවත්ව එජාපය හා සම්බන්ධ වෙද්දී ද ඔබට ජය ලබා දී මම නිහඬ වීමි.
ඇත්ත: ඔහු එජාපය හා එක් වී ශ්‍රීලනිපයට එරෙහි වීමෙන් පෙනී යන්නේ ඔහු ශ්‍රීලනිපයට කිසිදු ලැදියාවක් නැත්තෙක් බවයි. ඒ අනුව ශ්‍රීලනිපයට ලැදියාවක් නොමැති අයෙක්ව ශ්‍රීලනිපයේ නාමයෝජනා දී, රණතුංග පවුලේ ජනප්‍රියම දේශපාලඥයා වන ප්‍රසන්න රණතුංග මහතාව ඉවත් කිරීමට හැදීමෙන් මෛත්‍රීපාල සිදුකරන්නට ගියේ ශ්‍රීලනිපය විනාශ කිරීමේ සැලසුමේ කොටසක් බව පැහැදිළි වෙයි.

බොරුව 19: ඒ අනුව පිහිටවූ ජාතික ආණ්ඩුවේ ඇමති ධූර ලබා ගත් අප පක්ෂයේ මන්ත්‍රීවරුන් හට ඔබගේ අනුගාමිකයින් යැයි කියන පිරිස් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටී.
ඇත්ත: ජාතික ආණ්ඩුවක් යනු සමස්ත පාර්ලිමේන්තුවේම පක්ෂ සියල්ලම නියෝජනය වෙන ආණ්ඩුවකි. නමුත් එහි දෙමළ සංධානය, ජවිපෙ සිටියේ නැත. ඒ අනුව පසුගිය කාලයේ තිබුණේ සභාග ආණ්ඩුවකි. ජාතික ආණ්ඩුවක් තිබුණා කීම පට්ට පල් බොරුවකි.
සභාග ආණ්ඩුවේ ඇමති කම් ගත් පමණින් කිසිවෙක් එලෙස ප්‍රභාර එල්ල කරන්නේ නැත. එලෙස ඇමතිකම් දැරූ අයට පවා සංධාන රැළි වල වේදිකාවන්ට නැගීමට හැකි වීමෙන් මෛත්‍රීපාල මහතාගේ එම කතාවත් බොරුවක් බව ඔප්පු වෙයි.

බොරුව 20: ඔබ තුළ ඉතිරි වී ඇති ඡන්දමය වටිනාකම හෙවත් අවසන් දේශපාලන ලේ බිංදුව සාහසික ලෙස උරා බීමේ ක්‍රෑර අරමුණින් ඔබ වටා එක් රොක්ව, ඔබේ ගුණ ගයමින් සිටින පිරිස්...
ඇත්ත: එවන් දේශපාලන ලේ මාපිලුන්ව පසුගිය ජනාධිපතිවරණයේදීත් ඉන් පසුවත් හසු විය. කළින් බොරුවේදී මෛත්‍රීපාල මහතා පැවසූ පරිදි සමහරුන්ව අප පක්ෂයේ අය විසින් විවේචනය කරන්නේ ඔවුන් ගැන ඇත්ත ජනතාවට පෙන්වීමටයි. ලේ මාපිලුන්ව ප්‍රතික්ශේප කරමින් "මහින්දගේ මිනිස්සු" යන සංකල්පය මත මෙවර එජනිස ආදරණීය ජනතාව මනාප ලබා දෙනු ඇත.


බොරුව 21: එක් අතකින් පක්ෂය තුළ ඊනියා බෙදීමක් හුවා දක්වන ඔවුන් මහ මැතිවරණය ආසන්න වෙත්ම සංධානයේ ප්‍රචාරක කටයුතු සඳහා මගේ ඡායාරූපය භාවිතා කරන ආකාරය දෙස මම උපේක්ෂා සහගතව බලා සිටිමි.
ඇත්ත: මෛත්‍රීපාල මහතාගේ ඡායාරූපය සහිතව මැතිවරණ දැන්වීම් දමන්නේ ඔහුට හිතවත් කිහිප දෙනාගේ කණ්ඩායම විසිනි. පසුගිය දිනවල පුවත්පත් දැන්වීම් වල මෛත්‍රීපාල මහතාගේ පින්තූරය ගියේ කෙසේදැයි තිලංග සුමතිපාල මහතාගෙන් ඇසුවොත් දැනගත හැකි වෙනු ඇත.

බොරුව 22: ඔබ විසින් අත්තනෝමතිකව සම්මත කරගැනීමට යෙදුණ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය..
ඇත්ත: එය සම්මත වූයේ පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙනි. පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් සම්මත වූවක් අත්තනෝමතික සම්මත වීමක් ලෙස විග්‍රහ කිරිමත් පට්ට පල් බොරුවකි.

බොරුව 23: ඔබට පෙර සිටි ජනපතිවරුන්මෙන් ඔබත් ධූර කාල දෙක නිමවා විශ්‍රාම ගියේනම්...
ඇත්ත: මහින්ද රාජපක්ෂ මහතාට අති බහුතර ජනතා ආකර්ෂණයක් තිබේ. ඒ බව පෙබරවාරි 18 වැනිදා නුගේගොඩටට රැස්වූ මහ ජන ගංගාව පමණක් සාක්ෂි දරනු ඇත. එතුමා නැවතත් දේශපාලනය කරන්නේ අති බහුතර ජනතාවගේ ඉල්ලීමම තය. මහින්ද රාජපක්ෂ මහතාට මෙන් නොව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පක්ෂය තුළ කැරළි ගණනාවක් ඇති විය. 29 වතාවක් පරාද වී 30 වෙනි වතාවටත් පැරදීමට ඔහු සූදානම් වෙනි. ඉතින් මෛත්‍රීපාල මහතා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට ඔය දේවල් ටික කීමය.

බොරුව 24: ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 සීමාවට ළඟා වීමට එජනිස යට හැකි වුවහොත් අගමැති ලෙස පත් විය යුත්තේ මෙතෙක් අවස්ථාව අහිමි වූ ශ්‍රීලනිප ජේෂ්ඨ නායකයෙකු බව මම විශ්වාස කරමි.
ඇත්ත: එජනිසයට පැහැදිළි අති බහුතරය හිමි වෙන බව දැනටමත් බුද්ධි අංශ වාර්තා අප වෙත ලැබී ඇති අතර ඒවා තහවුරු කිරීම ගැන නැවතත් ස්තූතිවන්ත වෙමු. "දින්නොත්" යන විකල්පය ගැන කතා කිරීමට අවශ්‍ය වූයේ එජනිස දිනන නිසා වීම ඊට හේතුවයි.
19 වන සංශෝධනයට අනුව අගමැති කවුදැයි තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොවේ. බහුතරයක් දිනා ගන්නා පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි අතර පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ තීරණය ඊට අදාල වෙයි. සංධානයට ඡන්දය දෙන සාතිශය බහුතරයක් ජනතාවගේ එකම පැතුම මහින්ද රාජපක්ෂ මහතාය. ඒ අනුව මෛත්‍රීපාල මහතා කුමක් විශ්වාස කළත් අපට කම් නැත.

බොරුව 25: ජේෂ්ඨ නායකයින් අතරින් කෙනෙකු මෙම මහ මැතිවරණයෙන් පසුව අගමැති ධූරයට පත් කිරීමට ඔබගේ සහයෝගය නම්‍යශීලීභාවය පරිත්‍යාගශීලීත්වය සහ ආශීර්වාදය ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන මෙන් රටේත් ජනතාවගේත් ශ්‍රීලනිපයේත් නාමයෙන් මම ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමි.
ඇත්ත: ඊටකළින් සඳහන් කළ පරිදි රටේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි තීරනය කිරීමට මෛත්‍රීපාල මහතාට හැකියාවක් තිබේනම් ඔය ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පින්සෙන්ඩු වීමට, බැගෑපත් වීමට, ඇයදීමට, අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව ඉහත ප්‍රකාශය මගින් මෛත්‍රීපාල මහතාගේ කළින් ප්‍රකාශ පට්ට පල් බොරු බව ඔප්පු වෙයි.
රාජ්‍ය බුද්ධි අංශය (SIS) පවතින්නේ ජනාධිපතිවරයා යටතේයි. මේ ලිපිය අනුව එක් කරුණක් සක් සුදක් සේ පැහැදිළි ය. එනම් රාජ්‍ය බුද්ධි අංශයේ වාර්තාව එජනිස ජය තහවුරු කර ඇති බවයි. සංධානයේ අග්‍රාමාත්‍ය කම ලබා දෙන්නේ කාටද යන්න ගැන මෙතරම් කතා කිරීමට මෛත්‍රීපාල මහතාට ඇවසි වූයේ එනිසයි. එජනිස ජයග්‍රහණය කළ පසුව ඉතිරි හරිය අපට බලාගන්නට පුලුවන.

බොරුව 26: ඔබ පෞද්ගලික මට්ටමෙන් අපගේ පක්ෂ සාමාජිකයින් සමග සිදුකරන සාකච්ඡා වලදී ඔබ කෙරෙන් පළ වෙන්නේ වෛරය ක්‍රෝධය ද්වේශය සහ ඉහවහා ගිය මමත්වය පිරි ප්‍රකාශ බව වාර්තා වෙන බැවිනි.
ඇත්ත: මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ කිසිදු වෛර ක්‍රෝධ ද්වේශ මමත්ව ප්‍රකාශයක් කර නොමැති නිසා එවැන්නක් පෙන්වීමට මෛත්‍රීපල මහතාට හැකි වී නැත. වෙනකක් තියා මහමැතිවරණයෙන් ජය ගත් පසුව මෛත්‍රීපාල මහතාට එරෙහිව දෝශාභියෝගයක් ගෙනවිත් ගෞරවනීය විශ්‍රාම යාමක් ලබා දෙනවා කියනවා වෙනුවට එතුමා සමග සමගියෙන් සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ එතුමාට එවන් පටු චේතනා නොමැති බැවිනි. ඉතින් පෞද්ගලිකව එවැනි ප්‍රකාශ කී බව පවසයි. ඉහත දක්වා ඇති බොරු කන්දරාව බලද්දී මෛත්‍රීපාල මහතාගේ ඒ කතාවේ තරමත් ජනතාවට වටහාගැනීමට හැකි වෙයි. කෙසේ නමුත් වෛර ක්‍රෝධ ද්වේශ මමත්වය ඇත්තේ කාටදැයි පහත වීඩියෝව පැහැදිළි කරයි.


බොරුව 27: එජනිසයට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන ආකාරයෙන් ක්‍රියා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.
ඇත්ත: මෛත්‍රීපාල මහතා එජනිස යේ කිසිදු ප්‍රසිද්ධ රැළියකට ගොඩ වූයේ නැත. එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශය පළ කිරීමේ උත්සවයට ආරාධනා කර තිබියදී එයටත් නොපැමිණි අතර අඩුම තරමින් නෙලුම් පොකුණ රඟහල ඊට ලබා දුන්නේවත් නැත. මැතිවරණය ගැන වැදගත් තීන්දු සම්මත කර සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවීමට අවසර දෙන්නේත් නැත. එසේ වූ පුද්ගලයා මහින්ද මහතාට පවසන්නේ පක්ෂය දිනවන ලෙසයි. දිනකට එජනිස ජනරැළි 6 කට වඩා අමතමින්, මුළු පක්ෂයම තමන් වටා පෙළගස්වාගෙන මැතිවරණ ජයග්‍රහණයේ අබියස සිටින මහින්ද මහතාට එසේ පැවසීම දෙවැනි වන්නේ, එදා රවි කරුණානායක කිලිනොච්චි ගිය රණවිරුවන්ට මැදවච්චි යනවා කීමටයි.


බොරුව 28: බොරුවෙන් පිරුණ මෙම ලිපියේ මෛත්‍රීපාල මහතාගේ අත්සනත් වෙනත් එකක් හෝ නැතහොත් එතුමාට අත්සක් කිහිපයක් ඇති බව පෙනී යයි.
ඇත්ත: පහත දැක්වෙන අනෙක් අත්සන බලන්න. මූලාශ්‍රය wikimedia.org
maithripala signature

ආදරණීය පාක්ෂික ජනතාවනි, ඔවුන් මහින්ද මහතාට අසාධාරණ ලෙස හිරිහැර කිරීමට හැදුවත් ඔබ එයට ඉඩ නොදි එතුමාව රැක ගත්තා., ඔවුන් මහින්ද මහතාව දේශපාලනයෙන් විශ්‍රාම යවන බව කීවද ඔබ එයටත් ඉඩ නොදී ලක්ෂ ගණනින් පෙළගැසී එතුමාව නැවතත් දේශපාලනයට ගෙනාවා., ඔවුන් මහින්ද මහතාට නාම යෝජනා දෙන්නේ නැති බව ඉර හඳ සේ විශ්වාසයෙන් කීවද ඔබ එයට ඉඩ නොදී එතුමාට නාමයෝජනා පමණක් නොව එජනිස මෙහෙයුම් නායකත්වයත් ලබා දුන්නා..... එජනිස දිනන බව දන්නා ඔවුන් අද කියන්නේ එජනිස ජයග්‍රහණය කළ පසුව එතුමාට අගමැති කම ලබා නොදෙන බවයි. එනමුත් ඔබ සහ ඔබගේ මිතුරන් 17 වැනිදා ලබා දෙන ජනතා තීන්දුව මගින් කළින් සිදුවීම් වලදී මෙන්ම විධායක අගමැති ධූරයට මහින්ද මහතාව පත් කිරීම නියත වශයෙන් සිදුවේවි.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.